Monday, December 26, 2011



According to the English Calender, New Year coming soon... As a Planet People most of are Celebrating New Year... As A Sinhales our New Year will come Next April. But We as a part of Global community celebrate January 01... As a Blog writer.. I wish you Happy New Year for all.

Sunday, December 18, 2011

බකමූණා වීදි බසී...







නූතන සමාජයේ යථාර්ථය කියාපාමින් රසිකයාට වින්දනයක් ලබාදෙනු වස් නිර්මිතයකි. විසිවන සියවසේ ජීවත්වන මිනිසා ‍කොතරම් සංකීර්ණ සමාජ රටාවක් මත යැපෙනුයේද යන්න ‍පෙන්නුම් කරන මෙහි විවිධත්වය හා හාස්යක මෙන්ම උපහාසය කරා අප රැගෙන යනුයේ නිරායාසයෙනි. අවසානයේ අප ඒ දෙස බලන කල්හි සිනහව අභ්යඅන්තරයේ ඇත්තේ අපගේ කේදයන්මය. අප සිනහසී ඇත්තේ අපටමයැයි හැගෙන්නේ මදක් සිත් ‍යොමුකරන කලිහියි. මිනිස් ජීවිතය අභන්තරයේ ඇතිවන විවිධ වූ ඝට්ටනයන් ඉන් මුදාහැරි කල්හි ජීවිතාශාවට වඩා බො‍හෝ දේ කෙරෙහි මිනිසා වශී වන්නේය. එය ‍ශෝකයක්ද නැතහොත් කේදයක් ද යන්න පිළිබද අවබෝධය අල්ප වීමෙන් මිනිසා මුලාවී යන්නේය. මිනිසා පරිසරය අවබෝධ කරගැනීමට උත්සාහ නොකිරීමේ ප්රාතිඵලයක් වන්නේ පරිසරය විසින්ම මිනිසා යම් අවස්ථාවක විනාශයට පත් කරනවා යන්නයි. පරිසරය යනු ගස් කොලන් සතා සිව්පාවා පමණක් නොව මානවයා හා ඔහුගේ හැසිරීම් රටාවන් මත නිර්මිත වටාපිටාවයි. නූතනයත් අනාගතයත් අතර පවතින වර්මානය ගෙවා දමන ජනයා බලය යන සාධකය පදනම් කරගනමින් මහත් කේදයන්ට පත්වන්නේ නිරන්තරයෙනි. එවැනි කේදයන් බල අරගල ලෙස ලෝකයේ තවමත් පවතී‍. අප ජීවත් වන සමාජය සංකීර්ණ වෙමින් යන්නේ මේ ඔස්සේයි. එය සරලව අව‍නබෝධ කරගන්නේ නම් මැනවි.

Monday, April 18, 2011

Tuesday, March 15, 2011

අපේ කාලයේ සංවර්ධනය


ස්වභාව ධර්මයට එරෙහිව යා හැකිද?


මිනිසා සැමවිටම වෙහෙසෙනුයේ නව තාක්ෂණය නව දැනුම සොයා යාමටයි. ඒවා මතින් සංවර්ධනයේ සිහින සැබෑ කර ගැනීමටයි. මානවා කෙතරම් උත්සාහ ගත්තද ඒ කිසිවක් සදාකාලික නොවන බව අපට පසක්කර දුන් අවස්ථාවක් පසුගිය දින කිහිපයෙදී අපට අසන්නට දකින්නට ලැබුණි.

ජපානය, තාක්ෂණය අතින් ඉහළ මට්ටමට පත්වූ රටකි. ලෝකයේ අන් කවර රටකටත් වඩා තාක්ෂණයෙන් ඉහළ මට්ටමක් කරා ඔවුන් පැමිණ ඇති බව පෘථිවි වාසීන් පිළිගනු ලබයි. නමුත් එම කිසිදු තාක්ෂණයකට ස්වභාවධර්මයා පරදවාලීමට නොහැකි විය. මිහිතලය මත සිදුකරන විවිධ වූ ක්‍රියාවනට මේ අයුරින් මිහි මවු තම ප්‍රතිචාර දැක්වීය.

සංවර්ධනය නාමයෙන් සිදුකරන පරිසර සමතලිත තාවය බිද දැමීමේ ප්‍රතිඵල අප කාටත් අත්විදීමට නුදුරේදීම සිදුවනු ඇත. සංවර්ධනය යනු හුදෙක් ‍‍ඉදිරකිරීම්, ගොඩනැගීම්, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වැනි මානවයාට අවශ්‍ය දේ නොව ස්වභාවධර්ම‍යේ සමතලිතතාවය ආරක්ෂා කරගැනීමයි. නමුත් වර්තමාන මානවයා එවැනි අදහසක් නොදැරීමේන් තමන්ට අවැසි පරිදි පරිසරටය විනාශයට පත්කරයි. තම අයිතියක් ලෙස සලකා එවැනි විනාශයන් සිදුකරනු ලබයි. නමුත් එය ගසක අත්තක කෙළවරේ සිට අත්ත කැපීම වැනි ක්‍රියාවකි. මෙවන් වු දෙයක් අවබෝධ කරගැනීමට තරම් වත් වර්තමාන මිනිසා ඥානවන්ත නොවීම පිළිද අප කනගාටු විය යුත‍ වේ.